වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේදී මසුන් ඇල්ලීම සඳහා ගිය ධීවර බොට්ටුවක් තවත් යාත්‍රාවක ගැටීමෙන් අනතුරකට ලක්ව ඇති බවට වාර්ථා වෙයි.
මසුන් ඇල්ලීම සඳහා අදාල ධීවරයින් දෙදෙනා මුහුදු ගොස් ඇති අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර තවත් යාත්‍රාවක් එකවරම බොට්ටුවේ ගැටී ඇති අතර ධීවරයින් දෙදෙනා වතුරට පැන දිවි බෙරාගෙන ඇත.
රාත්‍රි කාලයේදී එකවරම බොට්ටුවේ ගැටී ඇත්තේ කුමන යාත්‍රාවක්දැයි නිශ්චිතවම කිව නොහැකි අතර ඉන්දීය දීවර යාත්‍රාවක් හෝ නාවික හමුදා යාත්‍රාවක් බවට තමන් සැකපල කරන බවටද අනතුරට මුහුණ දුන් එම ධීවරයින් වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වෙතත් අදාල ධීවරයින්ගේ යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසුව ධීවරයින් උදව් ඉල්ලීමෙන් මද වේලාවකට පසුව නාවික හමුදා යාත්‍රාවක් පැමිණ ධීවරයින් දෙදෙනා සහ යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු යොදනු ලැබීය.
අනතුරට පත් ධීවර යාත්‍රාවට දැඩි හානි සිදුව ඇති අතරම එය පේදුරුතුඩුව සුපර්මඩම්හි පිදංචි අයෙකු හිමිකාරිත්වය දරන අතරම පේදුරුතුඩුව පොලීසිය සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.