මහ බැංකු වැටුප් වැඩි වීම මුදල් අමාත්‍යාංශයට පාලනය කරන්න බෑ – අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මහ බැංකුවේ වැටුප් වැඩි වීම මුදල් අමාත්‍යංශයෙන් පාලනය කරන්න බැරි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඔවුන්ගේ ගිවිසුම අනුව වසර තුනකට වරක් වැටුප් වැඩි වීම කරන අතර එම තීරණ ගන්නේ මහ බැංකුවේ පාලක මණ්ඩලය බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මේ අවස්ථාවේ අවම වේතනයකට වැඩ කරන්න හැකි නම් හොඳ බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලොව හැම තැනකම මහා බැංකු වල පඩි වැඩි අතර ඒවායේ ඉහළම ආර්ථික විශේෂඥයින්  සිටින නිසා ඒ තත්ත්වය නිර්මාණය වී තිබෙන බව සඳහන් කළේය.

ආදේශ නැති රැකියා සඳහා විශේෂත්වයක් කළ යුතු වෙන බව කී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මහ බැංකුවේ වැටුප් ගෙවන්නේ ඒකාබද්ධ අරමුදලින් නොවන බවද ඔවුන්ගේ ගිණුමෙන් බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *