මහ ඡන්දය දිනය සම්බන්ධයෙන් මැකොගෙන් නීතිපතිට වාර්තාවක්

පාර්ලිමේන්තු මහ  මැතිවරණය පවත්වන  දිනය,   එම දිනය   ප්‍රකාශ කළ ආකාරය ඇතුළුව මැතිවරණයට  අදාළව  මෙතෙක් කර ඇති  සියලු කටයුතු  සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාට  බාරදී ඇත.

පාර්ලිමේන්තු මැතිවරණ දිනය සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තාවක්  දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.කොමිසම මෙම විස්තර වාර්තාව නීතිපතිවරයාට බාරදී ඇත්තේ ඒ අනුවය.

මැතිවරණ කොමිෂන් සභාව  දුන් වාර්තාව පදනම් කරගෙන  ලබන 4 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ.

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන ඇති  තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි  බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක්  පසුගියදා ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

ෙමහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බව  එම පෙත්සමේ  සඳහන්ව තිබිණ.

දැනට නියම කර ඇති ආකාරයට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව  ඇත්තේ  ලබන මස 14 වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *