මහින්දානන්දට නලීන්ට කොට්ටියක් පැදුරක්

බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරුන් දෙදෙනා දඬුවම් විඳින සිරකරුවන් සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර කොමසාරිස්( මාධ්‍ය) ගාමිණී දිසානායක මහතා පැවසීය.

දෙදෙනා වෛද්‍යවරයාට ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයේ වැඩ පැවරීම අද(30) කරන බවද හෙතෙම සඳහන් කළේය.

බරපතළ සිර දඬුවම් විඳින සිරකරුවන්ට අතුගෑමේ සිට ඉතා දුෂ්කර වැඩ දක්වා රාජකාරී පැවරීම කළ හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

දෙදෙනාට සාමාන්‍ය දඬුවම් විඳින සිරකරුවන් වශයෙන් බන්ධනාගාරයේ ජීවත්වීමට සිදුවන බවත් කොට්ටයක් පැදුරක් හැරෙන්නට වෙනත් කිසිදු පහසුකමක් නොලැබෙන බවත් ගාමිණි දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *