චීනයෙන් ආනයනය කරන ලද ව්‍යාධි ජනක බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැව සඳහා ශාක නිරෝධායන පරිසර තත්ත්ව වාර්තාව ලැබීමට දින දහයකට පෙර ණයවර ලිපි නිකුත් කිරීමට බල කරමින් රජයට රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිතය බන්ධනාගාර ගතව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය .
සැකකරුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළාය.
ඇපකරුවන් දෙදෙනකු ළඟම ඥාතීන් විය යුතු බවටද නියම කෙරිණි.
අල්ලස් කොමිසම නියම කරන දිනයකදී ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට සැකකරුට නියෝග කළාය.