2015 ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14000 සහ දාම් ලෑලි 11000 ක් නීතියට පටහැනිව දේශපාලන අවශ්‍යතා මත ක්‍රීඩා සංගම් අතර බෙදාදීමෙන් රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවී වසර 20ක සිර දඬුවම් විඳින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.
තමන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පැනවූ දඬුවම නීතියට පටහැනි මෙන්ම නඩුවේදී ඉදිරිපත් වූ සාක්ෂිවලට ද පටහැනි බව පෙන්වා දුන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් වු සාක්කි මෙන්ම විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු මෙන්ම පරස්පරතා සහ ඌනතා ආදිය සැළකිල්ලට නොගෙන තමන් වරදකරු කරමින් දුන් තීන්දුව සහ දඬුවම ඉවත දමන්නැයි ඉල්ලීමක්ද කර ඇත.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නීතීඥවරු කොළඹ මහාධිකරණයට බාර දුන්හ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතීපතිවරයා නම් කර ඇත.