මහවැලි ගොවීන් ‘සුහුරු’ කරන්න ඩොලර් ලක්‍ෂ 80 ක්

සුහුරු තාක්ෂණය පදනම් කරගනිමින් මහවැලි කලාප තුළ කෘෂිකාර්මික හා පශු සම්පත්  ක්ෂේත්‍රයේ  සංවර්ධනය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව  ඇමරිකානු ඩොලර් මිලියන 8 ක් ප්‍රදානය කිරීමට එකඟ වූ බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

එම බැංකුවෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අරමුදලක් ලැබෙන බවත් ඒ අනුව නවීණ තාක්ෂණය සහිතව කෘෂිකර්ම සහ සත්ව පාලන අංශවල  සංවර්ධනය වෙනුවෙන් එම මුදල් වැයකරන බවත් අමාත්‍යවරිය කීවාය.

වාරිමාර්ග අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී  ආසියානු සංවර්ධන බැංකුවෙ මෙරට  අධ්‍යක්ෂවරයාගෙන් මෙම ඉල්ලීම කළ බවත් මහවැලි  කලාපවල සිටින තරුණ තරුණියන් සුහුරු කෘෂිකර්මාන්තය කෙරෙහි  ඉහළ උනන්දුවක් දක්වන බැවින්, ඔවුන්ට  මූල්‍ය සහාය මෙන්ම,  ක්ෂේත්‍රයේ විශේෂඥ  දැනුම  ලබාදීමට  ද  සහාය වන ලෙස වැඩි දුරටත් ඉල්ලා සිටි බවත් ඇය කීවාය.

සුහුරු කෘෂිකර්මාන්තයට අවශ්‍ය  පහසුකම් වර්ධනය කර දීමෙන්  මහවැලි ගොවි ජනතාවගේ ආදායම සියයට 200 කින් ඉහළ දැමීමට හැකි බව  ද   කී අමාත්‍යවරිය වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *