මහනුවර ඩෙංගු අධි අවදානමේ

මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු අධි වසංගත තත්ත්වයට ළඟාවී තිබෙන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී විශේෂඥ වෛද්‍යවරයා ඒ බව අවධාරණය කරමින් පවසා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ යටිනුවර සහ මහනුවර මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලින් බවයි.

සතියකට ඩෙංගු රෝගීන් 100 ක් වාර්තා වන්නේ නම් එය අධි වසංගත තත්ත්වයක පවතින බව අවධාරණය කළ විශේෂඥ වෛද්‍යවරයා මේ වන විට එම සංඛ්‍යාව ඉක්මවමින් ඩෙංගු රෝගීන් වාර්තා වෙමින් තිබෙන බවද පැවසීය.

මැයි මාසයේ මේ වන විට ඩෙංගු රෝගීන් 340 ක් වාර්තා වී ඇති බව අවධාරණය කළ විශේෂඥ වෛද්‍යවරයා පසුගිය සතියේ පමණක් ඩෙංගු රෝගීන් 116 දෙනෙකු වාර්තා වී ඇති බවද පැවසීය.

මෙම තත්ත්වය මත මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු දැඩි අවදානම් තත්ත්වයක පවතින බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *