දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කියයි.
මහනුවර නගරය මේ වන විට සම්පූර්ණයෙන් සුද්ද පවිත්‍ර කොට හමාර බවත් නගරයට බැහැර කොට තිබූ සියලු අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසිදු කර තිබෙන බව පවසන වෛද්‍යවරයා මහනුවර නගරයේ පානීය ජලය පිළිබඳවද කිසිදු ආකාරයක අවදානම් තත්ත්වයක් නොමැති බවද කියයි.
මහනුවර නගරයට පානීය ජලය සපයනු ලබන්නේ දුනුමඩලාව රක්ෂිත වැවෙන් බවත් එම වැව කිසිදු ආකාරයකින් අපවිත්‍රවී නොමැති බව පවසන වෛද්‍යවරයා ගැටඹේ ජල පවිත්‍රාගාරය මගින් මහවැලි ගඟෙන් ලබා ගන්නා ජලයද ක්‍රමවත්ව පිරිසිදු කොට බෙදා හරින බවද කියයි.
විවිධ පුද්ගලයන් වගකීමෙන් තොරව සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාව බිය නොවිය යුතු බවද වෛද්‍යවරයා අවධාරණය කර සිටි.