මලල ක්‍රීඩා කණ්ඩායම ප්‍රංශයට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා කටුනායක ගුවන් තොටුපොළෙන්  පිටත්ව ගියහ.

මෙම ශ්‍රී ලංකා  මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින්  තරුෂි කරුණාරත්න , දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ප්‍රංශය වෙත පිටත්ව යාමට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

මේ වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා සහභාගී වන මලල ක්‍රීඩකයින් තිදෙනකු , පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ද නිලධාරීන් 06 දෙනෙකු ද ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම්  සමන් කුමාර ගුණවර්ධන  මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

ඔවුන් දෝහා බලා පිටත්ව ගිය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 657 දරන ගුවන් යානයෙන්  කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය අතර ඉන්පසුව එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *