’’මම ලක්ෂ පනහක් රජයට ඉතිරි කරනවා’’ -අධිකරණ අමාත්‍ය

තමා පමණක් ඇමතිවරයා විදියට මාසයකට ලක්ෂ පනහක් රජයට ඉතිරි කර දෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතා පැවසීය.

” අපි සහ ඒ අය අතර ඇති වෙනස ඒකයි. අපි හොරා කන්නේ නෑ” යැයිද   ඔහු කීවේය.

නානායක්කාර මහතා මෙසේද පැවසීය.

අපි වාහන පර්මිට් ගන්නේ නෑ.නිල නිවාස ගන්නේ නෑ. මට කාර්ය මණ්ඩලය විස්සක් ගන්න පුළුවන් නමුත් ගන්නේ නවයයි. මට බැකප් තුනක් අයිතියි. එස්ටීඑෆ්  15ක් ගන්න පුළුවන්. ගන්නේ නෑ. මම  පම්පෝරි ගහනවා නොවෙයි. අපේ අනිත් ඇමතිවරුනුත් එහෙම තමයි කටයුතු කරන්නේ.ඕක නොවෙයිද ජනතාව ඉල්ලුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *