මන්නාරම ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවයි

මන්නාරම් ද්‍රෝණියේ  ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයෙකුගේ  සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2011 වසරේදී කෙයාර් ලංකා (පුද්ගලික) සමාගම විසින්  සිදුකරන ලද ගවේෂණ හා කැණීම්වලට අනුව මන්නාරම ද්‍රෝණියේ m2 ගවේෂණ බිම් කොටසින්  ස්වාභාවික වායු නිදි 02 ක් සොයාගෙන ඇත.එමගින් මන්නාරම ද්‍රෝණිය තුළ ශාක්‍ය හයිඩ්‍රොකාබන් පද්ධතියක් පවතින බව සනාථ වී තිබේ.

2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ  විධිවිධාන අනුව අමාත්‍ය මණ්ඩලය විසින්  අනුමත කරන ලද  සහ රෙගුලාසි මගින් නියමකර ඇති කාර්යපටිපාටියට අනුකූලව අක්වෙරළ ඛනිජ තෙල් හා ස්වාභාවික වායු ගවේෂණ බිම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය වෙත බලය පැවරී ඇත.

ඒ අනුව මන්නාරම ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් 04 හි ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණ සහ නිෂ්පාදන සඳහා  ආයෝජන යෝජනා කැඳවීම සඳහා බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමටත්  එම කාර්යය සඳහා එලදායි අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු අලෙවිකරණ උපදේශකයෙකුගේ සේවය ලබා ගැනිමටත් බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *