මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ වාහනය අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ වාහනය කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී සුළු අනතුරකට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

අනතුර සිදුව ඇත්තේ පස්වරු 3 ට පමණය. මන්ත්‍රීවරයාගේ වාහනය හදිසියේම මාර්ගයෙන් ඉවතට පැන කිලෝමීටර් 28.1 කණුව අසලදී අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමත් සමඟයි. මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *