රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම්වරියක ඊයේ (29) පැමිණිල්ලක් කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි.
තමන් වෙත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු දුරකතන ඇමතුමක් ලබාදී තමන් වෙනත් පුද්ගලයකු හා පවසුවැයි කියන ප්‍රකාශයක් ගැන විමසා එය සත්‍ය නම් ඇයගේ කට කපා දමනවා යැයි තර්ජනය කළ බව පොලිසියට පැමිණිලි කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ සම්බන්ධව පැමිණිල්ලට ලක් වූ මහාචාර්‍ය රංජිත් බන්ඩාර මහතාගෙන් කළ විමසිමකදි තමා අදාල ලේකම්වරියට දුරකතන ඇමතුමක් ගත් බවත් මේ වගේ සිද්ධියක් ජේවිපි භිතිය ඇති සමයේ කළා නම් කටකපනු ඇතැයි පවැසු බවත් තර්ජනයක් නොකළ බවත් මාහාචාර්‍යවරයා පැවසිය.