මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි

ජාජබ ආණ්ඩුව  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි  කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන්නේ නැති වුවත්  මන්ත්‍රීවරුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යන්නට ආණ්ඩුවෙන් වාහනයක් දෙන්න සැලසුම් කරලා තිබෙන බව නලින්ද ජයතිස්ස මහතා කීය.

මන්ත්‍රී ධුරයේ කාලය අවසන් වූ පසු එම වාහනය නැවත රජයට බාරදිය යුතුව තිබෙන බවද අමාත්‍යවරයා කීය.

විදෙස් සංචිතවලට බලපෑමක් නොවන පරිදි සුපරීක්ෂාකාරී අයුරින් වාහන ආනයනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *