මනම්පිටියේ රැය පහන්වන තුරු ජයටම වැලි ජාවාරම්

පොළොන්නරුව ජලගැලීම් නිමන ජාතික වනෝද්‍යානයේ මහවැලි ගගේ  පෞද්ගලික සමාගමක්  වැලි කැණීම් බලපත්‍ර උල්ලංඝනය කරමින්  රාත්‍රී කාලයේ සිට අලුයම් කාලය දක්වා විශාල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින්  වැලි පැටවීම හේතුවෙන් උද්‍යානයේ සැරිසරන වන අලින් මෙන්ම වන සතුන් මහත් පීඩාවට පත්ව ඇති අතර දැඩි පරිසර හානියක් සිදුව ඇති බව පරිසරවේදීහු සහ ප්‍රදේශවාසීහු සඳහන් කරති.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙම සමාගම ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ මහවැලි ගඟෙන් වැලි පැටවීම් සිදු කළ බව ප්‍රදේශවාසීහු පවසති

මෙලෙස යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් ඊයේ රාත්‍රී වැලි ටිපර් දහයකට, පහලවකට, පමණ වැලි පටවා ඇති අතර මේ පිළිබඳව 1992 වනජීවී අපරාධ වැටලීම් ඒකකයට දැන්වා සිටියත් පොළොන්නරුවේ වනජීවී නිලධාරීන් පැමිණෙන විට, පෞද්ගලික සමාගමේ නිලධාරීන් යන්ත්‍ර සූත්‍ර දමා ටිපර්වලට වැලි පටවමින් සිටියද ඊට නීතියානුකූල ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද පරිසරවේදීන් කියති.

මෙම චෝදනාව පිළිබඳව අප පොළොන්නරුව වනජීවී කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමේ දී එහි නිලධාරියකු සඳහන් කළේ තමන් ඒ පිළිබඳ සොයා බලන බවත්, ඇතැම් අවස්ථාවලදී තමන්ට ඒ පිළිබඳ පැමිණිලි නොලැබෙන බවයි.

කැණීම් බලපත්‍ර උල්ලංඝනය කරමින් මනම්පිටිය මහවැලි ගඟ දෙපස ගඟ දෙපස රාත්‍රී කාලයේ වැලි ගොඩ දැමීම, මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර දමා වැලි පැටවීම පිළිබඳ අප එම පෞද්ගලික සමාගමේ කළමනාකාරවරයාගේ දුරකථනයට අවස්ථා කිහිපයක් ලබාගත්තද එය ව්‍යාර්ථ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *