මධ්‍යම අධිවේගයේ දෙවන කොටසේ වැඩ අවසන් අදියරට

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මස 15 වන දා වන විට ජනතා අයිතියට පත්කළ හැකි බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

තිරසාර පරිසර කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රට පුරා මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ හරිත ව්‍යාපෘතිය යටතේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන අදියරේ රුක් රෝපණය කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මධ්‍යම අධිවේගී මාර්ගය අපට අවසන් කරන්න තිබුනේ මීට මාස නවයකට දහයකට කලින්. අපිට සිද්ධ වුණා කැබිනට් එකට මගින් වැඩ නොකරන කොන්ත්‍රාත්කරුවන්ව අවලංගු කරලා, උසාවි ගොස් උසාවියේ දී උන පොදු එකඟතාවයකින් නොවැම්බර් මාසෙ  15 වෙද්දි  මේ අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කරන්න. ජනතාවට කියනවා අපි නිවැරදි තීන්දු තීරණ ගන්නෙ කියලා. අපි දේශපාලන පළිගැනීම් කරන්න ගියේ නැහැ. අපි දේශපාලන පලිගැනීම් කලා නම් මේ වැරදි කරපු අය මේ වෙද්දි ඉන්න ඕනි හිර ගෙවල් වල. අපිට අවශ්‍ය මේ රට සංවර්ධනය කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ මේ රට ඉදිරියට ගෙන යාම විතරයි අපගේ එකම බලාපොරොත්තුව. ඒ නිසා නොවැම්බර් මස 15 වෙද්දි සම්පූර්ණයෙන්ම මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය වැඩනිම කරලා එය මහජනතාව විවෘත කරන්න මම බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *