මධ්‍යම පළාතේ නව ආදායම් බලපත්‍ර ක්‍රමය සැප්තැම්බර් සිට

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති සියලුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සැප්තැම්බර් 01 වැනිදා සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තන්නකෝන් මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ අනුව අනෙකුත් පළාත්වල ලියාපදිංචි වාහන සඳහා මධ්‍යම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ලැබේ.

මේ සඳහා දියත් කර ඇති නව පරිගණක යෙදවුම හරහා මුළු ශ්‍රී ලංකාවේම ආදායම් බලපත්‍ර මධ්‍යම පළාතට සම්බන්ධ කිරීමට නියමිත බව ලංකාදීප වාර්තා කරයි.

දැනට ආදායම් බලපත්‍ර ලබා ගත හැක්කේ වාහනය මුලින් ලියාපදිංචි කර ඇති පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *