මත් ජාවාරම්කරුවෙක් ඇතුළු 6ක් අත්අඩංගුවට

හොරණ බටු විට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකුගේ නිවසක් වටලා එම ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් හය දෙනකු අයිස් මත්ද්‍රව්‍ය  සමඟ අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

එම සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් හැටදහසකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය  ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිය ගැබිණි බිරිඳ සමඟ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයට ගොස් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ නිවස තුළ පැකට් කරමින් සිටින බවට ලද තොරතුරකට අනුව නිවස වටලා මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් රොමෝ නිල සුනඛයාද යොදවා නිවස දැඩි සෝදිසියට ලක් කළ බව පොලිසියය කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *