නීති විරෝධී ආකාරයෙන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් උපයා ගත්තේ යැයි කියන ඇඹිලිපිටියේ ජයසිංහ ආරච්චිගේ හේමන්ත යන සැකකරුගේ රුපියල් කෝටි 10කට අධික දේපල තහනම් කිරීමට රහස් පොලීසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇත.
ඇඹිලිපිටියේ නව නගරයෙහි පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයක් හා ඇඹිලිපිටිය තුන්කම ප්‍රදේශයෙහි පර්චස් 39.5 ක ඉඩම සහ ව්‍යාපාරික ස්ථානයක් මෙසේ ක්‍රියා විරහිත කර ඇත.
මුදල් විශුද්ධිකරණ පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබා ගෙන ඇති අතර මෙම දේපළ සැකකරු විසින් ඔහුගේ බිරිඳගේ නමට මිලදී ගෙන ඇති බවද පැවසේ.
නියෝජ්‍ය පොලිස්පති පවිත්‍රා දයාරත්නගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එම්.ආර්. විජයසේන මහතාගේ මූලිකත්වයෙන් ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකෙරේ.