මඩු පාර රක්ෂිතයේ දීර්ඝ කාලයක පටන් වගා කරනු ලබන කුඹුරු ඉඩම් සහ ජනාවාස ලෙස සංවර්ධිත භූමි ප්‍රමාණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ සඳහන් ක්‍රමවේද අනුගමනය කරමින් නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මඩුපාර රක්ෂිතයේ හෙක්ටයාර් 56.8 ක භූමි ප්‍රමාණයක් 2023.8.8 දිනැති ගැසට් නිවේදනය මගින් රක්ෂිතභාවයෙන් නිදහස් කෙරිණි.
මඩු පාර අභය භූමියේ නීතිමය තත්ත්වය ඉහල නැංවීම සඳහා එකී අපේ භූමිය ජාතික උද්‍යානයක් ලෙස උසස් කිරීමට උතුරු පළාතේ ක්‍රමෝපායක පාරිසරයක ඇගැයීම් මගින් සිදු කරන ලද යෝජනාවක් අනුව එම අභය භූමියේ පැවති ඇතැම් ජනාවාස රක්ෂිතභාවයෙන් ඉවත් කරමින් හා ඊට යාබදව පැවති වනාන්තර කොටස් ඇතුළත් කරමින් මඩු පාර අභය භූමිය ජාතික උද්‍යානයක් වශයෙන් 2015 වසරේදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරිණි.