භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත්වලින් ගත් ණයට වඩා රුපියල් බිලියන 129ක් රජය ගෙවා තිබෙනවා – ඇමැති ෂෙහාන්

2024 වසරේ මුල් මාස හය තුළ රජය භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් හරහා ලබා ගත් ණයට වඩා රුපියල් බිලියන 129ක් වැඩිපුර ගෙවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙම කාලසීමාව තුළ රජය මෙම බැඳුම්කර හරහා රුපියල් බිලියන 4,852 ක මුළු ණය ලබාගෙන ඇති නමුත් එම බැඳුම්කර පෙරළීමෙන් රුපියල් බිලියන 4,981 ක් ආපසු ගෙවා ඇත.

“එබැවින්, දළ ණය ගැනීම්වලට වඩා ශුද්ධ ණය ගැනීම් ඉස්මතු කිරීම වැදගත් වේ. ආර්ථික අර්බුදයෙන් මිදීමට පෙර, ආන්ඩුව මහ බැංකු මූල්‍යකරණය මත විශ්වාසය තැබූ අතර, එය උද්ධමන අනුපාතය 70% තරම් ඉහළ මට්ටමකට ගෙන ගියේය. නමුත් නව මහ බැංකු පනතක් ක්‍රියාත්මක කිරීමත් සමඟ රජය දැන් අයවැය හිඟය ස්වාධීනව කළමනාකරණය කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *