බෝරා සමුළුව වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

බම්බලපිටිය බෝරා මුස්ලිම් පල්ලියේ සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී ජුලි 7 සිට 16 දක්වා පැවැත්වීමට නියමිත බෝරා සමුළුවට සමගාමීව විශේෂ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ජුලි 7 වැනිදා සිට 16 දක්වා පෙරවරු 8.00 සිට 11.00 දක්වා, පස්වරු 1.00 සිට පස්වරු 3.00 දක්වා සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ පහත සඳහන් මාර්ගවල රථවාහන සීමා පනවනු ලබන බව පොලිසිය පවසයි.

– මැරීන් ඩ්‍රයිව්හි පැල්මයිරා මාවත හරහා බම්බලපිටියට පිවිසීම

– මැරයින් ඩ්‍රයිව් හි හේග් පාර හරහා කොල්ලුපිටියට පිවිසීම

– 37 වන පටුමග හරහා Marine Drive වෙත පිවිසීම

– ශාන්ත ඇල්බන් පෙදෙස හරහා මැරීන් ඩ්‍රයිව් වෙත පිවිසීම

– Glen Aber Place හරහා Marine Drive වෙත පිවිසීම

– බම්බලපිටිය ශාන්ත කිල්ඩා පටුමග හරහා මැරීන් ඩ්‍රයිව් වෙත පිවිසීම

– 8 වන පටුමග හරහා Marine Drive වෙත පිවිසීම

– ගාලු පාරේ රන්සිවි පටුමග හන්දිය හරහා රන්සිවි පටුමගට පිවිසීම

– ගාලු පාරේ ශාන්ත ඇල්බන් පෙදෙස හන්දිය හරහා ශාන්ත ඇල්බන් පෙදෙසට පිවිසීම

– ගාලු පාරේ බම්බලපිටිය දුම්රිය ස්ථානය හන්දිය හරහා බම්බලපිටිය දුම්රිය ස්ථානය පාරට පිවිසීම

– ගාලු පාරේ ආතර්ස් පෙදෙස හන්දිය හරහා ආතර් පෙදෙසට පිවිසීම

– ගාලු පාරේ Glen Aber Place හන්දිය හරහා Glen Aber Place වෙත පිවිසීම

– ගාලු පාරේ ශාන්ත කිල්ඩා පටුමග හන්දිය හරහා ශාන්ත කිල්ඩා පටුමගට පිවිසීම

– ගාලු පාරේ 8 වන පටුමග හන්දිය හරහා 8 වන පටුමගට පිවිසීම

ඒ අනුව මෙම කාලසීමාවේ රථවාහන තදබදය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *