බේකරි නිෂ්පාදන සදහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළයාම හේතුවෙන් තම කර්මාන්තය පවත්වාගෙනයාම දුෂ්කරවී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මේ වනවිට වෙළෙඳපොළේ පාන් පිටි, සීනි, බිත්තර සහ මාගරින් යන ප්‍රධාන අමුද්‍රව්‍යවල මිල ඉහළගොස් ඇති බව එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
ඒ හේතුවෙන් සිය නිෂ්පාදන දැනට පවතින මිල ගණන් යටතේ අලෙවිකිරීම අසීරු වී ඇති බව ඔහු පවසයි.
අමුද්‍රව්‍යවල මිල ඉහළයාම සම්බන්ධයෙන් සොයාබලන ලෙස බලධාරින් දැනුවත් කළ ද මෙතෙක් ඊට විසදුම් ලැබී නොමැති බව එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් බේකරි නිෂ්පාදන මිල ගණන් ඉදිරියේ දී ඉහළ යාහැකි බව ද එන්. කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.