පුද්ගලයන් පස් දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට ආධාර අනුබල දීමේ චෝදනාව මත කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හක්මන පොලිසිය විසින් සැකකරුවන් රත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් පසු වෙඩි තැබීමට යොදාගත් ගිනි අවි එක් සැකකරුවෙකුට අයත් යතුරුපැදියකින් කරාපිටියේ සිට බූස්ස දක්වා ප්‍රවාහනය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් අවුරුදු 23 සහ 33 වයස්වල පසුවන බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ජනවාරි 23 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත අන්තර් හුවමාරුව අසළදී ජීප් රථයකින් පැමිණි පිරිසක් සුදු ඩිෆෙන්ඩර් රථයකට වෙඩි තැබීමකින් අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු ඝාතනය කර තිබිණි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.