කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ඇතුළත් වන බවත් එම කටයුතු වලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තමන් කැපවී සිටින බවද අවධාරණය කළේය.
එසේම බුදු දහමේ පැවැත්මට හානි වන කිසිදු තීරණයක් රජය පිළි නොගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ නව ප්‍රතිසංවිධානය යටතේ පත් කරන ලද කලාප සංවිධායකවරුන්ට පත්විම් ලිපි ප්‍රදානය වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවය අමතමිනි.