“විශ්ව බුද්ධ” නමින් හඳුන්වාගනිමින් බුදුදහමට පහාස වන අයුරින් සමාජ මාධ්‍යයේ හැසිරුණු චීවරධාරියාව එළඹෙන 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධානාගාරගතකර තිබේ.
සැකකාර චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත්තේය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අනුවයි.
කලගෙඩිහේන ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක සිටියදී සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙකි.
අනතුරුව එම සැකකාර චීවරධාරියා ඊයේ(13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.