බිත්තර බද්ද ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් අලුතෙන් පැනවූ එකක් නොවේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පලිහේන මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජයට එරෙහිව ජනතාව පෙළ ගැස්සවීම දැන් බොහෝ අයගේ සිරිතක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
රටක් පවත්වා ගැනීම සඳහා රජයකට ආදායම් අවශ්‍යයි. ඒ අතර වැට් බදු විශේෂයි. මුළු ආදායමෙන් බහුතර ප්‍රමාණයක් වක්‍ර බදු වලින් ලැබෙන අතර වැඩි ප්‍රමාණයක් වැට් බදු වලින් ලැබෙනවා.
ඔන්ලයින් ක්‍රමයට ව්‍යාපාර කරන විශාල පිරිසක් ඉන්නවා. මෙයින් සමහර කොටසක් වැට් බදු වලට යටත් වන්නේ නැහැ. මේ සියලු ක්ෂේත්‍රවලට සම තලයක් නිර්මාණය කරමින් මේ සංශෝධන ඉදිරිපත් කරනවා.අපේ රට දුප්පත් වුනේ අපි පාලනය කරලා නොවෙයි.