බාල බෙහෙත් සිද්ධිය විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධයක් මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ලබන සතියේ දී ගොනු කිරීමට බලාපොරොත්තු වන බව බව නීතිපතිවරයා  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය .

ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව දැනුම් දුන්නේ ය

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන් ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

නීතිපතිවරයා, රහස් පොලිසිය රාජ්‍ය ඖෂධ සංස්ථාව ඇතුළු වගඋත්තරකරුවන් පිරිසක් නම් කර ඇත.

එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර දෙන ලද නියෝගයක් අනුව ප්‍රශ්න ගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත් සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන විමර්ශන රහස් පොලිසිය මේ වන විට අවසන් කර ඇති අතර එහි වාර්තා සියල්ල නීතිපතිවරයා ට ලැබී ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *