බාල බෙහෙත් දඩය ලක්ෂයක්

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ සැපයීම හෝ විකිණීම යන වරදට මෙතෙක් අය කළ රුපියල් සියයේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ  දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත

යම් ඖෂධයක් නියමිත ගුණාත්මකභාවය අඩුවන පරිදි මිශ්‍ර කිරීම සහ  ඒ බව දැනුවත්ව එම ඖෂධය බෙහෙත් ශාලාවකින් නිකුත් කිරීම යන වරදවල් වලට මෙතෙක් පැවැති දඩ මුදල  වූයේ  රුපියල් 100කි.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *