බාල බෙහෙත් අරන් කෝටි අටක් පාඩු කරලා

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව  මිලදී ගනු ලැබූ  ඇතැම් ඖෂධ කල් ඉකුත්වීම සහ හානි වීම හේතුවෙන් එම සංස්ථාවට 2022 හා 2023 වර්ෂවලදී පමණක් රුපියල් අට කෝටි හැටතුන් ලක්ෂයකට වැඩි මූල්‍යමය  පාඩුවී  ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

තත්වයෙන් අසමත් ඖෂධවල මුළු පිරිවැයවූ  රුපියල් කෝටි විසි හයකින් කෝටි හතකට වැඩි මුදලක් අය කරගෙන නොතිබූ බවද  එම වාර්තාවේ දැක්වේ.

මේ අතර වෛද්‍ය සැපයුම් අංශය සදහා  මිලදී ගත්  රුපියල් කෝටි 32කට වැඩි වටිනාකමින් යුතු අයිතම විසි හයක් තත්වයෙන් අසමත්ව තිබූ බව පවසන විගණන වාර්තාව ඉන් අයිතම දහනවයකට අදාල   කෝටි 28 කට වැඩි මුදලක්  සැපයුම්කරුවන්ගෙන්   කරගෙන නැතැයිද   සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

මෙම  වාර්තාව පසුගිය 03 වැනිදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *