බාර් ලයිසන් අල්ලස් දීම වහා නවත්වන්න

මන්ත්‍රීවරුන්  බාගැනීමේ අරමුණින්  මත්පැන් බලපත්‍ර අල්ලස් වශයෙන් ලබාදීම වහා නවත්වන්නැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  රජයෙන් ඉල්ලීමක් කළේය.

මෘදු මත්පැන් බලපත්‍ර  මෑත කාලයේදී  විශාල වශයෙන් නිකුත් කර ඇති බවත්  මෙය මතින් තොර ව්‍යාපෘතියට පටහැනි ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය  රංජිත් සියඹලා පිටිය මහතා  මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අවස්ථාවේදීය.

සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන ගම්මාන ඇතුළටත්  මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවත්  නුසුදුසු තැන් වලට ලබා දී ඇති මෘදු මත්පැන් බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙස තමා රජයෙන්  ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.

එක්තරා ගමක මත්පැන් බලපත්‍ර හයක් දීල හයක් විවෘත කරල තියෙනවා. ඒ ගමේ හාමුදුරුවන් හොඳ කතාවක් කිව්වා. අපි ආණ්ඩුවෙන්  ඉල්ලුවේ වතුර අපිට දුන්නේ මත්වතුර කියලා උන්වහන්සේ කිව්වා. මේක හද්ද පිටිසර ගමක්. කියන්න ලැජ්ජයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *