බාර් පර්මිට් ගත්ත අයට සජිත්ගෙන් රතු එළියක්

මැතිවරණ කාල සීමාවක සිය  හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබා දුන්  පුද්ගලයන්ට එරෙහිව මේ වසර අවසන් වීමට පෙර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම බලපත්‍ර තමා බලයට පත් වූ වහාම අහෝසි කරන බවද  ඔහු  කීවේය.

පසුගිය කාලයේදී මත්පැන් බලපත්‍ර දෙසීයකට වැඩි සංඛ්‍යාවක් ලබා දී ඇතැයි සුරාබදු ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *