කල්ලි කණ්ඩායම් අටවාගෙන ආණ්ඩුවේ ගමනට කරන බාධා සියල්ල පරාජය කරන්නට රජය සූදානම් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“අද අප සාකච්ඡා කරන්නේ පසුගිය ආණ්ඩුව විසින් ගෙනා පනතකට සංශෝධනයයි.එදා ගෙන ආ පනතේ අඩුපාඩු සැකසීම සඳහා මෙම සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. ඒ කාලේ ඩේටා හැංගුවට දැන් දත්ත හංගන්න බෑ. ඒ කාලේ හංගගෙන සෙල්ලම් කලාට දැන් එහෙම හංගන්න බෑ.
කිසිම දත්තයක් පදනම් කරගන්නේ නැතිව රට කරපු නිසා ජනතාව වින්ද දුක අප දන්නවා.පසුගිය කාලයේ අප හෙළි කළේ පෞද්ගලික දත්ත නොවේ. පොදු ජනතාවගේ දේපොළ බදු මුදල් වංචා කලා නම් ඒවා රටේ ජනතාවට දැනගන්න අයිතියක් තිබෙනවා.ඉතිහාසයේ බොහෝ දේවල් වහගෙන තිබුණා.අපට මේ රටේ ජනතාව සමඟ බැඳිච්ච අයිතියක් තිබෙනවා. මේ රටේ ජනතාවගේ රැකිය යුතු පෞද්ගලිකත්වය රකින්න නීති රීති අප සම්මත කරගන්නවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.