බ්ලූමැන්ඩල් වෙඩි තැබීමක්

කොටහේන බ්ලූ මැන්ඩල් රේල් පාර අසල වෙළඳසලක් පවත්වාගෙන යන පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා රෝහල් ගත කළ බව කොටහේන පොලිසිය කියයි.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වයස අවුරුදු 38 ක පමණ පුද්ගලයෙකි.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අත්හැර දමා පලායාමට සූදානම් කර තිබූ බවට සැක කරන යතුරු පැදියක් සහ ආරක්ෂක හිස් වැසුම් දෙකක් කොටහේන මැටි පාක් ප්‍රදේශයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත‍.

තුවාල ලද පුද්ගලයා බ්ලූ මැන්ඩල් රේල් පාර ආසන්නයේ ශ්‍රී බෝධිමළු විහාරය අසල පලතුරු සහ පරවියන්  අලෙවි කරන වෙළඳසලක් පවත්වාගෙන යන අයකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඔහු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *