‘‘බ්‍රිතාන්‍ය සම්බාධක ගැන ජනපති මොකද කියන්නේ?‘‘ – සාගර කාරියවසම්

ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුට එංගලන්තය සම්බාදක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවර වහාම ජාත්‍යන්තරයට දැනුම්දිය යුතු බවත් රටට සාමය ගෙනඒමට කැපවූ වීරෝදරා රණවිරුවන් වෙනුවෙන් ජාතියක් සහ රටක් ලෙස පෙනී සිටින්නේ යැයි ජාත්‍යන්තරය දැනුවත් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සාගර කාරියවසම් මහතා එසේ කීය.

මෙම ගැටලුවේදී රජයේ සහයෝගය කුමන පාර්ශවයකට ද යන්න රජයේ ස්ථාවරය පැහැදිළිව එංගලන්තයට දැනුම්දිය යුතු බව ද ඒ මහතා පැවසීය.

මෙම සම්බාදක පැනවීම පිළිබඳව රජය මැදිහත්ව හැකිඉක්මණින් කරුණු පැහැදිළි කළ යුතු බව කී කාරියවසම් මහතා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පසුගිය කාලයේ අපහාස සහ චෝදනා කිරීම් ඉහළ ගොස් තිබූ බව ද සඳහන් කළේය.

පාතාල ක්‍රියාකාරකම් ගෙනහැර දක්වමින් යුද්ධය වෙනුවෙන් කැපවූ රණවිරුවන් අපහසාත්මක තත්වයකට තල්ලු කරමින් ඇති බවත් පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන්ම පොලිසියට අපහාස සහ චෝදනා කරමින් සිටින බවත් ඒ මහතා කීය.

හිටපු යුද හමුදාපතිවරු වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට බි්‍රතාන්‍ය මෙලෙස සම්බාධක පනවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *