බ්‍රැඩ්මන්ටත් පිහිටවන්න බැරිවූ ලෝක වාර්තාවක් කමිඳුගෙන්

වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පිහිටුවිමට නොහැකිවූ ලෝක වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්විය.

ඒ තමන් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග අටේදීම ළකුණු 50 සීමාව ඉක්මවා ලකුණු රැස්කළ ලොව පළමු ටෙස්ට් පිතිකරු ලෙසිනි.

නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු ලකුණු 51ක් නොදැවී රැස්කරගෙන සිටියි.

පාකිස්තානයේ සාවුඩ් සකීල් මිට පෙර තමන් ක්‍රිඩා කළ පළමු ටෙස්ට් තරග හතේදී ලකුණු 50 සීමාව ඉක්මවා ලකුණු රැස්කරගෙන තිබුණි.

කමිදු මේ දක්වා සිය ටෙස්ට් දිවියේ නිම 15ක් තුළ ලකුණු රැස්කර ඇති ආකාරය….

61, DNB, 102,164,92,9,12,113,74,4,64,DNB,114,13,51*

Leave a Reply

Your email address will not be published. Required fields are marked *