ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ ද බහුතරයක් නොමතිව තිබූ බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය ජාතික ජනබලවේගය දිනාගත්තේය.
බදුල්ල පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සභාවතිවරයා තෝරාපත් කර ගැනිම බණ්ඩාරවෙළ මහ නගර සභාවේ පැවැත්විණි.
එහිදී ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ සහයෝගය ලබා ගනිමින් ජාතික ජන බලවේගය පාලන බලය ලබා ගත්තේය.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා පත් කිරීම සදහා ඡන්දයක් පවත්වනු ලැබූ අතර එහදී වැඩි ඡන්ද හතකින් නගරාධිපතිවරයා ලෙස ආර්.එම්. සාගරදීර විශ්ව වික්‍රම මහතා පත්විය.
මන්ත්‍රී ආසන 16 යුත් බණ්ඩාරවෙල මහ නගර සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් හය දෙනකුද , ස්වාධීන කණ්ඩායම අංක 01 න් මන්ත්‍රීවරුන් පස් දෙනකුද , සමගි ජනබලවේගයෙන් මන්ත්‍රීවරුන් තිදෙනකුද , ස්වාධීන කණ්ඩායම අංක 02 න් එක් මන්ත්‍රීවරයකුද , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයකුද වශයෙන් මන්ත්‍රීවරු දහසය දෙනෙක් පත් වූහ.
නමුත් සමගි ජන බලවේගයෙන් මේ වනතුරු මන්ත්‍රීවරු තිදෙනා නම්කර නොමැතිවීම මත ඊයේ(11) දින මන්ත්‍රීවරු 13 දෙනකුගේ සහභාගීත්වයෙන් නගරාධිපතිවරයා පත් කිරීම සදහා පැවති ඡන්දයට සහභාගී වූහ.