බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
බස් රථවලට වැට් බදු ආදේශය කර ඇති අතර ඒ හේතුවෙන් බස් රථ මිල ඉහල යෑමෙන් සියලුම පිරිවැය ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය නිසා වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ගාස්තු ඉහළ දැරීමට සිදුවන බවත් ඒ මහතා කීය.