බස්නාහිරට ඇතුළු වීමට පැමිණි පිරිස් හරවා යැවේ

බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් නියමිත අවසර නොමැති වීමෙන් ආපසු හරවා යවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කර සිටියේ වාහන 190ක් ද එලෙස හරවා යැවු බවය.

මේ අතර, ඊයේ දිනය තුළ පුද්ගලයින් 613ක් හා වාහන 104ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 74,507කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *