බන්ධනාගාර රැඳවියන් හමුවීමට අවස්ථාව

අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන්ව හමුවීම සඳහා පනවා ඇති තහනම ලබන සඳුදා සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ්  -19 වසංගතය හේතුවෙන් පසුගිය අගෝස්තු 07 වන දා සිට බන්ධනාගාරගත රැඳවියන් ට අමුත්තන් පෙන්වීම තාවකාලිකව නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කෙරිණි.

වසංගත තත්ත්වය මේ වන විට මුළුමනින්ම පහව ගොස් නොමැති බැවින් රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් අමුත්තන් බැලීමේ කටයුතු සිදුකරන ලෙසද, හැකිතාක් දුරට E-visit ක්‍රමය හරහා අමුතන් බැලීම සිදුකරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *