බන්ධනාගාර නවයකින් අනීතිවක 30ක් නිදහස් කරලා

බන්ධනාගාර 9 කින් රැදවියන් 30 දෙනකු අනීතිකව නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එලෙස රැදවියන් නිදහස් කිරීමට අදාලව කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නොමැති බව විමර්ශන නිලධාරීහු කියති.

ජනපති සමාව අනීතිකව භාවිත කර අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් දිවයිනේ පිහිටි බන්ධනාගාර 29 ක සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම විමර්ශන වාර්තාව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ඉකුත් දා බාර දෙනු ලැබීය.

තවද එම වාර්තාවට අනුව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාගැනීම සදහා ඉල්ලුම් කළ රැදවියන්ගේ නම් ලයිස්තුවට අමතරව අවස්ථා තුනකදී රැදවියන් 247 ක් අවසරයකින් තොරව නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නත්තල් දිනයේදී රැදවියන් 332 කගේ නම් ලයිස්තුවක් එවා තිබූ අතර ඊට අමතරව රැඳවියන් 158 ක්ද, ජාතික නිදහස් දිනය වෙනුවෙන් එවා තිබූ 274 ක නම් ලැයිස්තුවට අමතරව රැදවියන් 40 ක්ද, වෙසක්පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් එවා තිබූ 388 කගේ නම් ලැයිස්තුවට අමතරව රැදවියන් 49 ක් ද නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *