වැඩ තහනමට ලක් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(9) රාත්‍රි අත්අඩංගුවට ගත් බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසීය
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවෙකුට නිදහස ලබා දුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත
අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්කල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් 08 දිනද ප්‍රකාශ ලබා ගත් අතර ඊයේ(9) ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබියදී ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත
සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කොළඹ අලුත් කඩේ අංක එක අධිකරණය වෙත අද(10) ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය