කොළඹ නව මැගසින් බන්ධනාගාරයට මාංචු කුට්ටමක යතුරක් රැගෙනවිත් ඇත්තේ මිදිගම රුවන් නමැත්තෙකු බේරා ගැනීමට බවට මූලික පරික්ෂණයකින් අනාවරණය වී ඇතැයි දැනට ඒ සම්බන්ධයෙන් පරික්ෂණය සිදු කරන පොලිසිය පවසයි.
ප්‍රබල පාතාල කල්ලි නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මිදිගම රුවන් නමැත්තා අතට එම යතුර රහසිගතව පත් කිරීමට හිටපු පොලිස් කොස්තාපල්වරයකු මුදල් පසුම්බිය තුළ සඟවාගෙන ආ බව කියන හිටපු කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත .
මිදිගම රුවන් නමැත්තා බන්ධනාගාරයේ සිට අත්විලංගු දමා නඩු විභාගයට රැගෙන යන අතර වාරයේ මෙම යතුර උපයෝගී කරගෙන අත්විලංගු විවෘත කරගෙන පලා යෑමේ සැලැස්මක් තිබුණේ ද යන්න බලවත් සැකයක් මතුවී ඇතැයි බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම යතුර සඟවාගෙන ආ හිටපු කොස්තාපල්වරයා වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසියට භාර දුන් බව බන්ධනාගාරයේ එම උසස් නිලධාරියා කීය.