බන්දුල කරුණාරත්නගේ නිවාඩුව ජනපති පිළිගනී

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.

අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු බන්දුල කරුණාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවට ආණ්ඩුව නිවේදනය කළ අතර ඔහුට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා මීට පෙර දැනුම් දීමක් කර තිබිණි.

බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමෙන් අනතුරුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස පත් කෙරුණු ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇත. ලෆාර් තාහිර් මහතා අභියාචනාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයායි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *