එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (11) සිය සහතිකය සටහන් කළේය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය 9 වැනිදා පැවැත්වූ අතර කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන එක්විය. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.