බණ්ඩාරනායක ගුණ සමරුව ස්ථාන දෙකකදී සැමරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 65වන ගුණසමරුව ඊයේ (26දා) ස්ථාන දෙකකදී සමරනු ලැබිණි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් හොරගොල්ල බණ්ඩාරනායක සමාදිය අසලදී මෙය සැමරීමට කටයුතු කළේය.

එමෙන්ම දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු තවත් කණ්ඩායමක් ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිතුරව අසලදී සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *