බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකාහි අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්ව ආරක්‍ෂිත ස්ථානයක් කරා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ නැගණිය වන ෂෙයික් රෙහානා ඊයේ (05) පස්වරු 2.30 ට පමණ හමුදා හෙලිකොප්ටර් යානයකින් අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්වී ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය.

ආරංචි මාර්ගවලට අනුව ඇය ඉන්දියාවේ බටහිර බෙංගාලය වෙත ගොස් ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.

වත්මන් තත්වය හමුවේ බංගලාදේශ හමුදාවේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් වකර් උස් සමාන් ජාතිය ඇමතූ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ වත්මන් දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

විරෝධතාවලදී මියගිය 300 කට වැඩි පිරිසකට යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන බවත් හමුදාව කෙරෙහි විශ්වාසය තබන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ගොඩනැගූ රට විනාශ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් ජෙනරාල් සමාන් පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *