බංග්ලාදේශයේ අපනයන කටයුතු සඳහා කොළඹ වරාය විශාල වශයෙන් උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තාරෙක් ඉස්ලාම් අතර අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ.
එහිදි දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.