අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත්කරන ලද සීනි තොග පෞද්ගලික අංශයේ තොග වෙළෙඳුන් වෙත නිකුත්කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබේ.
වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා තොග වෙළෙඳුන් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවය.
රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති පාලන මිල යටතේ පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම සඳහා පෞද්ගලික අංශයේ තොග වෙළෙදුන් වෙත මෙලෙස සීනි තොග නිකුත් කරනු ඇත.
ඒ අනුව සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 117කට සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 120ක් බැගින් ගබඩාවලින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් 011 3 68 17 97 යන දුරකථන අංකය මගින් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව අමතා වැඩිදුර විමසීම් සිදු කළ හැකි බවද දැනුම් දෙයි.